ගරු විදුහල්පතිතුමාගේ සුබ පැතුම් ........

2019  ආ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් පානදුර රාජකීය විද්‍යාලයීය පුතුන් ඉතා ඉහළ දස්කම් දක්වා ඇත . ඔවුන් සියළු දෙනාටම මාගේ සුභ පැතුම් පිරිනමන අතර ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතුද සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.

තවද මෙම ඉහළ ප්‍රථිපලය ලබාදීමට කැපවූ අදාල සිසුන්ට අධ්‍යාපනය ලබාදුන් සියලුම ගුරු මහත්ම මහත්මීන්ටද මාගේ ගෞරව ප්‍රණාමය පළකර සිටිමි. දරුවන් ගැන පුද්ගලිකවම සොයා බලමින්, අමතර පන්ති කරමින් ආදී ඉතා විශාල කැපවීමක් මගේ ගුරු මණ්ඩලය ඇතුළු පරිපාලන ව්‍යුහය සිදු කිරීම මේ ප්‍රතිඵල පිටුපස ඇති මහා ශක්තිය විය. ඔවුනගේ එම කැපවීම නොවන්නට මෙවැනි ප්‍රතිඵලයක් ලබා ගැනීම කිසිවිටක කල නොහැක. එමෙන්ම මෙම කටයුතු සඳහා සහයෝගය ලබාදුන් පාසලේ අනධ්‍යන කාර්යය මණ්ඩලයද අමතක කල නොහැකි අතර ඔවුන්ටද මගේ ස්තුතිය පළකර සිටිමි.

එමෙන්ම දරුවන් උනන්දු කරමින් පාසලටද සහයෝගය දක්වමින් ක්‍රියාකළ සියලුම දෙමව්පියන්ටත් ඔවුන්ට නායකත්වය ලබාදුන් පාසල් සංවර්ධන සමිති නිලධාරීන්ටත් මගේ ගෞරවය පිරිනමමි 

තවද මෙම සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ඉහල නැංවීමට සම්පත් දායකයින් ලෙස ක්‍රියා කරමින් , එමෙන්ම පාසලේ අධ්‍යාපනය දියුණු කල යුතු බවට වසර ගණනාවක් තිස්සේ කරුණු ගෙන හැර දක්වමින් එයින්ද නොනැවතී ඒ සඳහා ක්‍රියාකාරිව දායක වෙමින් කටයුතු කල ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් ඇතුළු  ආදි ශිෂ්‍ය සංගමයටත් මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමි.

මෙම වසරේ ආ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් මීටත් වැඩ ජයග්‍රහණයක් පාසැල අත්කර දීමට මේ සියල්ලන්ට ධෛර්යය ශක්තිය ලැබේවායි පතමි.

පානදුර රාජකීය විද්‍යාලය දිනෙන් දින දියුණු වේවා . 

වයි. යසරත්න 
විදුහල්පති 
රාජකීය විද්‍යාලය - පානදුර 


ගරු විදුහල්පතිතුමාගේ පණිවුඩය.........






























ආදරණීය දරුවනි,

අනපේක්‍ෂිතව ලැබුණු මේ නිවාඩුවේ ඔබ ඔබේ පවුලේ ආදරණීය නෑහිතවතුන් සමග අන් කවරදාටත් වඩා සමීපව සිටින බව අපි දන්නවා. වෙනදා නම් පළමුවන වාර පරීක්ෂණයෙන් පසු ඉතා සතුටින් ගතකරන අවුරුදු නිවාඩුව. ඒත් මෙවර සීමා තහංචි රැසක් මැද අපි කාටත් ගෙදරටම වෙලා ඉන්න සිදුවෙලා. ඒ නිසයි රාජකීය විදුහල් මාතාව ඔබ සොයා එන්න තීරණය කළේ. 

පුතේ, මේ පිටුව දිගහැරෙන්නේ ඔබ වෙනුවෙන්මයි. ඒ නිසා මේ ඔබේම පිටුවයි. ඔබ කැමති වෙලාවක කැමති තැනකින් තෝරාගන්න. අදාළ අභ්‍යාස කරන්න. ප්‍රශ්න අහන්න. Comment කරන්න. මීළඟ පාසල් වාරයේදී ඔබ වෙනදාට වඩා දැනුමෙන් ගුණයෙන් පිරිපුන් රාජකීය කුමරෙකු ලෙස විදුමව් තුරුලට පිවිසෙන බව අපට විශ්වාසයි. එහෙනම් එන්න, අපි නිවසේ සිටම ඉගෙනුම අරඹමු.  

ඔබට ජය නියතයි. 

අදාළ සබැඳි 

බ්ලොග් පිටුව (සියලුම ශ්‍රේණි සඳහා )       
https://rcpedu.blogspot.com 
10-11 වසර සඳහා Facebook පිටුව            
https://www.facebook.com/rcp.edu/
8 -9  වසර සඳහා Facebook පිටුව              
https://www.facebook.com/Rcp89.edu/
6 -7  වසර සඳහා Facebook පිටුව            
https://www.facebook.com/Rcpedu67-105906347750412/



වජිර තන්තිරිගේ 
නියෝජ්‍ය විදුහල්පති 
අධ්‍යාපන සංවර්ධන 
රාජකීය විදුහල - පානදුර